සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:38

قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِنْ لَا تَعْلَمُونَ

ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතුරින් නුඹලාට පෙර ඉකුත් වී ගොස් නිරයේ වෙසෙන සමූහයන් තුළට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි ! අප ව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමන්නැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ට ආදේශ තබන්නනි! ඔබට පෙර ඉකුත් වී ගිය දේව ප්රතික්ෂේපය හා මුළාවෙහි පසු වූ නිරා ගින්නේ වෙසෙන ජින් හා මිනිස් සමූහයා අතරට ඔබත් පිවිසෙනු. යැයි මලක්වරුන් ඔවුනට පවසා සිටිති. යම් සමූහයකින් පසු තවත් සමූහයක් එහි පිවිසෙන සෑම අවස්ථාවකම ඔවුනට පෙර නිරයට ගිය සහෝදර සමූහයාට දොස් නගති. ඔවුන් එකිනෙකා මුණ ගැසී සියලු දෙනා එක්රැස් වූ විට ඔවුන් අතර වූ පහත් මෙන්ම අනුගාමිකයින් ඔවුන් අතර සිටින උසස් ප්රධානීන් හා නායකයින් පෙන්වා ‘අපගේ පරමාධිපතියාණනි, යහමගින් අප ව මුළා කළේ මෙම ප්රධානීන්ය. ඔවුන් අපට අයහමග අලංකාරවත් කර පෙන් වූ බැවින් ඔවුනට දඬුවම ගුණ කර දෙනු’ යැයි පවසති. ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්, ‘ඔබ අතුරින් සෑම පිරිසකටම ගුණ කර දෙනු ලබන දඩුවමේ කොටසක් ඇත. නමුත් ඒ පීළිබඳ ඔබ නොදැනුවත්ය. එය ඔබ ලබා නැත’ යැයි පවසයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න