සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:35
يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي ۙ فَمَنِ اتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලා වෙත පවසන නුඹලා අතුරින් වූ දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.
තෆ්සීර්
අහෝ ආදම්ගේ දරුවනි! ඔවුන් වෙත මා පහළ කළ පුස්තකය ඔබ අතර කියවා පෙන්වන ඔබ අතුරින්ම වූ දූතවරු මා විසින් ඔබ වෙත පැමිණි විට ඔබ ඔවුනට අවනත වනු. ඔවුන් ගෙන ආ දෑ පිළිපදිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැද හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් වී ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න