සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ

සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් පෙරටු ව යන්නේ ද නැත.

තෆ්සීර්

සෑම යුගයකටම සෑම පරම්පරාවකටම ඒ සඳහා නියම කළ නියමිත කාලයක් ඇත. නිර්ණය කරන ලද ඔවුන්ගේ නියමිත කාලය ඔවුන් වෙත පැමිණි විට ස්වල්ප කාලයක් වුවද එයින් ප්රමාද කරනු නොලබති. එමෙන්ම ඉදිරියට ගෙන එනු නොලබති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න