සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:33
قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ යැයි (නබිවරය !) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එම බහුදේවවාදීන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට තහනම් කළේ අශිලාචාර දෑය. එනම් පාපය ගෙන දෙන පිළිකුල් සහගත දෑය. එය මතුපිටින් හෝ අභ්යන්තරයෙන් හෝ වේවා එය තහනම් වන්නේය. සියලු පාපකම් ඔහු තහනම් කළේය. මිනිසුන්ගේ රැධිරය, ඔවුන්ගේ සම්පත් හා ඔවුන්ගේ මාන්යය යනාදී කරුණුවල ඉක්මවා කටයුතු කිරීම තහනම් කළේය. දේවත්වයට කිසිදු සාක්ෂියක් නොමැති දෑ අල්ලාහ් සමග ඔබ ආදේශ කිරීමත් ඔබ වෙත තහනම් කළේය. ඔහුගේ නාම ඔහුගේ ගුණාංග ඔහුගේ ක්රියා හා ඔහු ආගමානුගත කළ දෑහි ඔබ කිසිදු දැනුමකින් තොරව එයට විරුද්ධ ව ප්රකාශ නිකුත් කිරීමත් ඔබ වෙත තහනම් කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න