සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:32

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ ඇඳුම් අනුමත කළ ආහාර පාන හා වෙනත් දෑ තහනම් කරන බහුදේවවාදීන්ගෙන් මෙසේ විමසනු. ඔබට අලංකාරයක් වශයෙන් පිරිනැමූ ඇඳුම් පැළඳුම් තහනම් කළේ කවරෙක්ද? එමෙන්ම අල්ලාහ් පෝෂණය කළ පිවිතුරු ආහාර පාන හා වෙනත් දෑ ඔබට තහනම් කළේ කවරෙක්ද? අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. මෙම යහපත් දෑ මෙලොව ජීවිතයේ දේව විශ්වාසී ජනයාට හිමිය. එහි වෙනත් අය මෙලොවෙහිම හවුල් වූයේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ට විශේෂිත වනු ඇත. එහි දී දේව ප්රතික්ෂේපකයින් හවුල් නොවනු ඇත. හේතුව සැබැවින්ම ස්වර්ගය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට තහනම් කරනු ලැබූවක් බැවිණි. මෙම විස්තර කිරීම මෙන්ම වටහා ගන්නා ජනයාට අපි එම වදන් පැහැදිලි කරන්නෙමු. සැබැවින්ම ඔවුහු එයින් ප්රයෝජන ලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න