සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:31

۞ يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

ආදම්ගේ දරුවනි, (සලාතය සඳහා) සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ අලංකාරත්වය ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය නොකරයි.

තෆ්සීර්

"අහෝ ආදම්ගේ දරුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කරන දෑ ඇඳගන්න. එමෙන්ම සලාතය හා තවාෆ් කරන අවස්ථාවේ කවර පිරිසිදු ඇඳුමිකින් අලංකාරවත් කර ගත හැක්කේද එවැනි දෑද ඇඳගන්න. අල්ලාහ් අනුමත කළ යහපත් දැයින් ඔබ කැමති දෑ අනුභව කරන්න. පානය කරන්න. එහි මධ්යස්තභාවයේ සීමාව ඉක්මවා නොයන්න. අනුමත දෑ, තහනම් දෑ වෙත ගෙනයමින් ඉක්මවා කටයුතු නොකරන්න. සැබැවින්ම අල්ලාහ් මධ්යස්තභවයේ සීමාවන් උල්ලංඝණය කරන්නන්හට ප්රිය කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න