සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ

පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.

තෆ්සීර්

අල්ලාහ් මිනිසුන් කණ්ඩායම් දෙකක් බවට පත් කළේය. ඔවුන් අතුරින් පිරිසකට මග පෙන්වා, මග ලැබීම සඳහා වූ සාධක ඔහු ඔවුන්ට පහසු කොට එය වළක්වන දෑ ඔහුගෙන් වෙනතකට හරවා දැමීය. තවත් පිරිසකට සත්ය මාර්ගයෙන් ඉවත්ව මුළාව නියම විය. එය ඔවුන් අල්ලාහ් හැර දමා තම හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් පත් කරගත් බැවිනි. සැබැවින්ම ඔවුන් තමන් හට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි සිතමින් අඥානකමින් ඔවුහු ඔවුනට යටත් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න