සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:22
فَدَلَّاهُمَا بِغُرُورٍ ۚ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۖ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَنْ تِلْكُمَا الشَّجَرَةِ وَأَقُلْ لَكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُبِينٌ
රැවටීමෙන් ඔවුන් දෙදෙනා ව ඔහු පහත් කළේය. පසු ව ඔවුන් දෙදෙනා එම ගසින් රස වින්ද කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නොවැළැක්වූයෙම් ද තවද සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්රකට සතුරා යැයි මම නුඹලා දෙදෙනාට නොකීවෙම් දැයි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා ව ඇමතීය.
තෆ්සීර්
ඔවුන් දෙදෙනා කවර තත්ත්වයක සිටියේද, ඔහුගේ වංචාව හා රැවටීම තුළින් ඔහු ඔවුන් දෙදෙනා එම තත්ත්වයෙන් පහත් කළේය. ඔවුන් දෙදෙනාට කවර ගසකින් අනුභව කිරීමට තහනම් කළේද එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කළ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට නිරාවරණය විය. ස්වර්ගයේ ඇති කොළ වලින් තමන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කරනු පිණිස ඒ මත අමුණන්නට පටන් ගත්හ. ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා අමතා මෙසේ පැවසීය. මෙම ගසින් අනුභව කිරීම මම ඔබ දෙදෙනාට තහනම් නොකළෙම්ද? සැබැවින්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාගේ සතුරෙකු බව පැහැදිලි කරමින් ඔබ දෙදෙනාට මම අවවාද නොකළෙම් ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න