සූරා 7 · ජුස් 8
Rabbana zalamna anfusana · Al-A'raf 7:23
قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
අපගේ පරමාධිපතියාණනි ! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි පාඩු විඳින්නන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
තෆ්සීර්
"'අපගේ පරමාධිපතියාණනි! එම ගසින් අනුභව කිරීම අපට ඔබ තහනම් කර තිබියදී එම වරද අප සිදු කිරීම තුළින් අපි අපටම අපරාධ කර ගත්තෙමු. අපගේ පාපකම්වලට ඔබ අපට සමාව නොදුන්නේ නම් ඔබේ දයාවෙන් අපහට ඔබ දයාව නොදැක්වූයේ නම් සැබැවින්ම අපි මෙලොව හා මතුලොව අපට හිමි කොටස් අහිමි කර ගනිමින් අපි අලාභවන්තයින් අතරට පත්වන්නෙමු". යැයි ආදම් හා හව්වා ප්රාර්ථනා කර සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න