සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:203
وَإِذَا لَمْ تَأْتِهِمْ بِآيَةٍ قَالُوا لَوْلَا اجْتَبَيْتَهَا ۚ قُلْ إِنَّمَا أَتَّبِعُ مَا يُوحَىٰ إِلَيَّ مِنْ رَبِّي ۚ هَٰذَا بَصَائِرُ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُؤْمِنُونَ
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සංඥාවක් නොගෙනා වේ නම් ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයකි. තවද මඟපෙන්වීමකි. තවද විශ්වාස කරන ජනයා වෙනුවෙන් වූ දයාවකි යැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔබ වදනක් ගෙන ආ විට ඔවුන් ඔබ ව බොරු කළෝය. එය ප්රතික්ෂේප කළෝය. එමෙන්ම ඔබ ඔවුන් වෙත වදනක් නොගෙනාවේ නම් ඔවුහු, ‘ඔබ විසින්ම පදයක් සකසා නිර්මාණය කළ හැකි නොවේදැ'යි පවසති. අහෝ දූතය! ඔබ ඔවුනට, 'මා විසින්ම පදයක් ගෙන එන්නට මට කිසිදු අයිතියක් නැත. මා වෙත අල්ලාහ් දන්වා සිටින දිව්යමය දෑ හැර වෙනෙකක් මම නොපිළිපදිමි. නුඹලා වෙත මා පාරායනා කර පෙන්වන මෙම අල්-කුර්ආනය අල්ලහ්ගෙන් වූ සාධකයක් හා සාක්ෂියකි. නුඹලාගේ මැවුම්කරු හා නුඹලාගේ කටයුතු සැලසුම් කරන්නා ඔහුය. එමෙන්ම එය ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන්නන්හට මග පෙන්වීමක් හා දයාවකි. දෙවියන් විශ්වාස නොකරන්නන් වනාහි, අන්ත මුළාවට පත් වූ අභාග්යවන්තයින් ඔවුන්මය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න