සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:201
إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ
නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් ඔවුනට ෂෙයිතාන් විසින් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) සිහිපත් කරති. එවිට ඔවුන් අවදි වී බලන්නන් වූහ.
තෆ්සීර්
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන් වනාහි, ඔවුන්ට ෂෙයිතාන්ගේ කොඳුරීමෙන් නපුරු සිතුවිලි ඇති වී ඔවුන් පාපකම් කළ විට, අල්ලාහ්ගේ මහිමයත්, පාපිෂ්ඨයින්ට හිමි ඔහුගේ දඬුවමත්, අවනතවන්නන්ට හිමි ඔහුගේ කුසලත් මෙනෙහි කරති. ඔවුන් කළ පාපකම් වලින් පාප ක්ෂමාව අයැද ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වෙති. පසු ව සත්යය මත ඔවුන් ස්ථාවර වූ විට ඔවුන් සිදුකරමින් සිටි දෑ හැඩගස්වා ඒවා අවසන් කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න