සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:20
فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِنْ سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ الشَّجَرَةِ إِلَّا أَنْ تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ
ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙසින් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාගෙන් හෙළි කිරීමට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වීමට හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතුරින් වීමට හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු පවසා සිටියේය.
තෆ්සීර්
ඉබ්ලීස් රහසිගත වදනක් ඔවුන් දෙනොහට හෙළුවේය. එය ඔවුන් දෙදෙනාට ආවරණය වී තිබූ රහස්ය පෙදෙස් හෙළි කරනු පිණිසය. ඔවුන් දෙදෙනා හට ඔහු, "මෙම ගසින් අනුභව කිරීමෙන් අල්ලාහ් ඔබ දෙදෙනාට තහනම් කළේ, එය ඔබ දෙදෙනා මලක්වරුන් වීමට ඔහු අකැමැති නිසාවෙන් හා ඔබ දෙදෙනා ස්වර්ගයේ සදාතනිකව සිටීම ඔහු අකමැති නිසාවෙන් මිස නැත." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න