සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:19

وَيَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

තවද අහෝ ආදම් ! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. නමුත් මෙම ගසට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහුය.

තෆ්සීර්

අල්ලාහ් ආදම් දෙස බලා, "අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය හව්වා ස්වර්ගයේ වාසය කරනු. එහි ඇති පිවිතුරු දෑ ඔබ දෙදෙනා කැමති පරිදි අනුභව කරනු. මෙම ගසින් අනුභව නොකරනු. (ඔවුන් දෙදෙනාට අල්ලාහ් පෙන්වා දුන් ගසක්) ඔබ දෙදෙනාට මා තහනම් කළ පසුව ඔබ දෙදෙනා එයින් අනුභව කළේ නම්, සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවාගියවුන් අතරට ඔබ දෙදෙනාද පත්වෙන්නේය" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න