සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:18

قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَدْحُورًا ۖ لَمَنْ تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكُمْ أَجْمَعِينَ

මෙහි සිට නුඹ අවමානයට ලක්වූවකු සේ හා පලවා හරිනු ලැබූවකු සේ පිට ව යනු. ඔවුන් අතුරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.

තෆ්සීර්

අහෝ ඉබ්ලීස්! අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබූවකු හා අපහාසයට ලක්වූවකු සේ ස්වර්ගයෙන් බැහැර වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබගෙන් හා ඔබව පිළිපදින, ඔබට අවනත වන, පරමාධිපතිගේ නියෝගයට පිටු දකින සෑම කෙනෙකුගෙන්ම නිරය පුරවන්නෙමි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න