සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:17

ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.

තෆ්සීර්

"පසුව මතුලොව පිළිබඳ මතකයෙන් දුරස් කිරීම, මෙලොව ජීවිතය පිළිබඳ ආශාව ඇති කිරීම, සැකය ඇති කිරීම, ආශාවන් අලංකාරවත් කර පෙන්වීම යනාදී සෑම පැතිකඩකින්ම මම ඔවුන් වෙත පැමිණෙමි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔබට කෘතවේදී වන්නන් ලෙස ඔබ නොදකිනු ඇත. එය මා ඔවුන් වෙත දේව ප්රතික්ෂේපය අණ කර සිටි බැවිනි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න