සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:16
قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
නුඹ මා නොමඟ යැවූ බැවින් නුඹේ ඍජු මාර්ගයෙහි ඔවුනට එරෙහි ව (බාධකයක් ලෙස) වාඩි වෙමි යැයි පැවසුවේය.
තෆ්සීර්
"ආදම්ට සුජූද් කිරීමේ ඔබේ නියෝගය පිළිපැදීම මා අතහැර දමන තරමට ඔබ මා නොමග යැවූ හේතුවෙන් ඔබේ ඍජු මාර්ගයේ සිටින ආදම්ගේ දරුවන් වෙනුවෙන් මම රැකගෙන සිටිමි. ඔවුන්ගේ ආදි පියාණන් ආදම්ට මා සුජූද් නොකිරීමෙන් නොමග ගියාක් මෙන්ම ඔවුන්ද ඉන් වෙනතකට යොමු කරවා ඉන් නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න