සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:194

إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُوا لَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.

තෆ්සීර්

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටි දෑ ඔහුගේ මැවීම් වන්නේය. ඒ සියල්ල ඔහුට යටත්ය. එහිදී ඔවුන් සමග නුඹලා ව සසදා බලන කල ඔවුනට වඩා නුඹලා තත්ත්වයෙන් උසස්ය. නුඹලා ජීවමානය. කතා කරන්නෙහුය. ඇවිදින්නෙහුය. සවන් දෙන්නෙහුය. බලන්නෙහුය. නමුත් නුඹලාගේ පිළිම එලෙස නැත. නුඹලා ඔවුන් සම්බන්ධයෙන් වාද කරන දෑ හී සත්යවාදීහු නම් ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කර බලනු. නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න