සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:195

أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَا ۖ أَمْ لَهُمْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۗ قُلِ ادْعُوا شُرَكَاءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنْظِرُونِ

එමගින් ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසු ව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. තවද මට අවකාශය නොදෙනු යැයි නබිවරය ඔවුනට නුඹ පවසනු.

තෆ්සීර්

නුඹලා දෙවිවරුන් ලෙස ගත් එම පිළිම වලට පාද තිබී, එමගින් ඔවුන් ගමන් කර නුඹලාගේ අවශ්යතාවන් ඉටු කර දෙන්නේද? එසේ නැතහොත් ඔවුනට අත් තිබී, එමගින් බලවත් ලෙස නුඹලා ව වළක්වාලන්නේ ද? එසේ නැතහොත් ඔවුනට ඇස් තිබී නුඹලාට ගුප්ත වූ දෑ එතුළින් බලා නුඹලාට තොරතුරු දන්වා සිටින්නේද? එසේ නැතහොත් කන් තිබී, එමගින් නුඹලාට සැගවුණු දෑට සවන් දී එම දැනුම නුඹලාට ගෙන දෙන්නේද? මේ සියල්ල කිරීමට නොහැකි නම් නුඹලාට සෙත සලසනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි යහපත් අපේක්ෂාවකින් යුතු ව නුඹලා ඒවාට නැමදුම් කරනුයේ කෙසේද? අහෝ දූතය! ආදේශ තබන මොවුනට ඔබ, ‘නුඹලා අල්ලාහ්ට සමාන කළ සමානයින් කැඳවනු. පසු ව මට හානි කරන්නට කුමන්ත්රණය කරනු මට අවකාශය නොදෙනු.’ යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න