සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:193
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ
තවද නුඹ ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන්ගෙන් අයැද සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.
තෆ්සීර්
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් හැර ඔවුන් දෙවිවරුන් ලෙස නමදින මෙම පිළිම වලින් යහමග වෙත ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා කවර දෙයක් ඔවුන්ගෙන් ප්රාර්ථනා කර සිටියේද ඒ සඳහා ඔවුන් නුඹලාට පිළිතුරු නොදෙනු ඇත. නුඹලා පසුපසින් ඔවුන් පැමිණෙන්නේද නැත. ඒවා අබියස නුඹලා ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා නිහඬ ව සිටිය ද එක සමානය. ඒවා හුදු භෞතික වස්තුවක් පමණි. ඒවාට වැටහෙන්නේ ද නැත. ඒවා සවන් දෙන්නේ ද නැත. ඒවා කතා කරන්නේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න