සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:190
فَلَمَّا آتَاهُمَا صَالِحًا جَعَلَا لَهُ شُرَكَاءَ فِيمَا آتَاهُمَا ۚ فَتَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි හවුල්කරුවන් ඔවුන් දෙදෙනා ඔහුට පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
තෆ්සීර්
එහෙත්, අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගෙන ඔවුන් දෙදෙනා ප්රාර්ථනා කළ පරිදි ම දැහැමි දරුවෙකු ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ කල්හි, අල්ලාහ් ත්යාග වශයෙන් ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි ඔහු සමග හවුල්කරුවන් ද පත් කර ගෙන ඔවුන් දෙදෙනාගේ දරුවා වෙනත් අයකුට නමදින්නට සලස්වා ඔහුට ආරක්ෂකයාගේ ගැත්තා යනුවෙන් නම් තැබූහ. සියලුම හවුල්කරුවන්ගෙන් අල්ලාහ් පිවිතුරුය උත්තරීතරය. ආධිපත්යය හා දේවත්වය ඔහු තනිව ම ක්රියාත්මක කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න