සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:189
۞ هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلًا خَفِيفًا فَمَرَّتْ بِهِ ۖ فَلَمَّا أَثْقَلَتْ دَعَوَا اللَّهَ رَبَّهُمَا لَئِنْ آتَيْتَنَا صَالِحًا لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
එක ආත්මයකින් නුඹලා ව මවා ඇය සමඟ වාසය කරනු පිණිස එයින් එහි සහකාරිය ඇති කළේ ඔහුය. ඔහු ඇය වෙළා ගත් කල්හි ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. පසු ව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.
තෆ්සීර්
අහෝ මිනිසුනි! කාන්තාවනි! එකම ආත්මයකින් එනම් ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් නුඹලා ව බිහි කළේ ඔහුය. පසු ව ඔහු (අල්ලාහ්) ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් ඔහුගේ බිරිය හව්වා තුමිය මැව්වේය. ඇය ඔහුගේ ඉළ ඇටයෙන් මවන ලැබුවාය. ඔහු ඇය වෙත ළං වී ඇය සමග තැන්පත් වූයේය. ස්වාමි පුරුෂයා ඇයගේ බිරිය සමග සංසර්ගයේ නිරත වූ කල්හි ඇයට නොදැනුවත්වම ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. එය එහි ආරම්භය වූ බැවිණි. ඇයගේ ගර්භිණී භාවය දිගටම පැවතිණ. ඇයගේ අවශ්යතා ඇය ඉටු කළ ද එය ඇයට බරක් නොවීය. ඇයගේ කුස වැඩී විශාල වී බර වැඩි වූ කල්හි බිරිය හා ස්වාමි පුරුෂයා යන දෙදෙනාම ඔවුන් දෙදෙනාගේ පරමාධිපති අමතා, "අපගේ පරමාධිපතියාණනි! ඔබ අපට පූර්ණ මැවීමක් සහිත දැහැමි දරුවකු පිරිනැමුවෙහි නම් සැබැවින්ම ඔබ අප වෙත කළ ආශිර්වාදයට අපි කෘත ගුණ සලකන්නන් අතරට පත් වන්නෙමු" යැයි පවසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න