සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:188
قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ
අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ත දෑ ගැන මා දැන ගන්නෙකු ව සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරගන්නට තිබුණි. තවද මට නපුරක් ඇති නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස නැත.
තෆ්සීර්
අහෝ මුහම්මද්! අල්ලාහ් අභිමත කළේ නම් මිස මාගේ ආත්මයට යම් යහපතක් ගෙන එන්නට හෝ එයින් යම් නපුරක් ඉවත් කිරීමට හෝ මම හැකියාව නොදරමි. එය අල්ලාහ් වෙත පැවරෙන කටයුත්තකි. අල්ලාහ් මට ඉගැන් වූ දෑ හැර වෙනත් කිසිවක් මම නොදනිමි. එහෙයින් ගුප්ත දෑ පිළිබඳ මම නොදනිමි. ගුප්ත දෑ පිළිබඳ මම දන්නේ නම් සැබැවින්ම මට යහපත ගෙන දෙන බවට හා මගෙන් අයහපත වළක්වන බවට මා දාන්නා හේතු කාරණා ඉටු කරන්නට තිබුණි. එවන් කරුණු ඇති වීමට පෙර මම දැන ගනිමි. ඒ වෙත ඇදී යන දෑ ද මම දැන ගනිමි. නමුත් මම අල්ලාහ් වෙතින් ආ දූතයකු මිස නැත. ඔහුගේ වේදනීය දඬුවම ගැන බිය ගන්වමි. සැබැවින්ම මම අල්ලාහ්ගෙන් වූ දූතයකු බව විශ්වාස කොට, මා කවර කරුණක් ගෙන ආවේද එය සැබෑවක් ලෙස පිළිගත් පිරිසකට ඔහුගේ ත්යාගශීලී කුසල් ගැන ශුභාරංචි දන්වමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න