සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:187

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّي ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً ۗ يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවෙහි ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණීකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ මුරණ්ඩුකාර බොරු කාරයින් එය කවර වේලාවක සිදු වන්නේ දැයි ද ඒ ගැන දැනුම කවර වේලාවක ලැබෙන්නේ දැයි ද ඔබෙන් විමසති. අහෝ! මුහම්මද්, ඒ ගැන දැනුම මා ළඟ හෝ වෙනත් අය ළඟ නැත. ඒ ගැන දැනුම ඇත්තේ අල්ලාහ් අබියස පමණය. ඒ සඳහා නිර්ණය කර ඇති නිශ්චිත වේලාව අල්ලාහ් හැර වෙනත් කිසිවකු හෙළි කරන්නේ නැත. අහස්හි වෙසෙන්නන්හට හා මහ පොළොවෙහි වෙසෙන්නන්හට එය හෙළි කිරීමේ විෂය සැඟවුණු දෙයකි. නුඹලාට එය එකවර පැමිණෙන්නේ නැත. සැබැවින්ම ඔබ අවසන් හෝරාව පිළිබඳ මැනවින් දන්නෙකු සේ ඔවුහු ඒ ගැන ඔබෙන් විමසති. ඔබේ පරමාධිපති පිළිබඳ ඔබ හොඳින් දන්නා බැවින් ඒ ගැන ඔබ විමසා නොසිටින බව ඔවුහු නොදනිති. "අහෝ! මුහම්මද් අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් අබියස පමණක් ඇති බව ඔවුනට පවසනු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා ඒ ගැන වටහා ගන්නේ නැත. යැයි ඔවුනට පවසනු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න