සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:186

مَنْ يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

අල්ලාහ් කවරෙකු නොමඟ යොමු කරන්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තව ද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඔහු ඔවුනට ඉඩ හරියි.

තෆ්සීර්

සත්ය වෙත මග පෙන්වීමෙන් තොරව අල්ලාහ් කවරෙකු පහත් කරන්නේ ද එමෙන්ම ඍජු මාර්ගයෙන් නොමග යන්නට අල්ලාහ් කවරෙකුට ඉඩ හරින්නේද, එවිට ඔහු වෙත මග පෙන්වන කිසිදු මාර්ගෝපදේශකයකු ඔහුට නොමැත. ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි තටමන්නට ඔහු ඔවුන් අතහැර දමයි. ඔවුහු කිසිවක් වෙත මග පෙන්වනු නොලබති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න