සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:185
أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
අහස්හි හා මිහිතලයේ ආධිපත්යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනු ඇත්තේ?
තෆ්සීර්
අහස්හි හා මහ පොළොවේ පවතින අල්ලාහ්ගේ රාජ්ය දෙස මොවුන් මනා සැලකිල්ලෙන් නිරීක්ෂා කර බැලිය යුතු නොවේ ද? එමෙන්ම ඒ දෙක අතර ඇති සතුන් ගහකොළ හා වෙනත් දෑ පිළිබඳවත් නිරීක්ෂාවෙන් බැලිය යුතු නොවේ ද? නියමිත කාලය අවසන් වන්නට බලන ඔවුන්ගේ ආයු කාලය දෙස අවධානයෙන් බැලිය යුතු නොවේද? එහෙයින් කාලය අතපසු වීමට පෙර පාප ක්ෂමාවෙහි නිරත වන්න. අල් කුර්ආනය මෙන්ම එහි ඇති ප්රතිඥාවන් හා අවවාදයන් ඔවුන් විශ්වාස නොකරන්නේ නම්, ඒ හැර වෙනත් කවර පුස්තකයක් ඔවුන් විශ්වාස කරන්න ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න