සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:184
أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද ? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස නැත.
තෆ්සීර්
අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දූතයාණන් ව බොරු කළවුන් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා උම්මත්තකයෙකු නොවන බව පැහැදිලි කර ගනු පිණිස ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා ඒ ගැන වටහා ගත යුතු නොවේද? සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වන මෙන් පැහැදිලි ව අවවාද කිරීම සඳහා අල්ලාහ් විසින් පත් කරන ලද දූතයෙකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න