සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:180

وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ

වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන් හි අපහාස කරන්නන් අත හැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත.

තෆ්සීර්

සුවිශුද්ධ අල්ලාහ්ට අලංකාර නාමයන් ඇත. ඒවා ඔහුගේ කීර්තිය හා පූර්ණභාවය පෙන්වා දෙයි. ඔබ සිතන දෑ අල්ලාහ්ගෙන් පතන විට ඔහු වෙත ඒවා ඉදිරිපත් කරමින් පිහිට පතනු. එමගින් ඔහු ප්රශංසා කරනු. මෙම නාමයන් තුළ ගම්ය ව ඇති සත්යයෙන් ඉවත් ව, ඒවා අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පත් කරමින් හෝ ඒවා ඔහුට නොමැති බව පවසමින් හෝ ඒවායෙහි අර්ථ විකෘති කරමින් හෝ වෙනත් දිශාවකට නැඹුරු වීම අතහැර දමනු. ඒවා ගෙන සත්යයෙයන් වෙනතකට නැඹුරු වන්නන්හට අපි මතු ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා වේදනීය දඬුවම ඔවුනට ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න