සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ

සැබැවින්ම අපි ජින් වර්ගයා හා මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කළෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් කමින් සිටියවුන් ඔවුහුමය.

තෆ්සීර්

ජින්නුන් අතර බොහෝ දෙනෙකු හා මිනිසුන් අතර බොහෝ දෙනෙකු අපි නිරය වෙනුවෙන් බිහි කර ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් ඒ සඳහා කටයුතු කරන බව අපි දනිමු. ඔවුන්ට හදවත් තිබුණද ඔවුන් එමගින් ඔවුනට ප්රයෝජන ගෙන දෙන දෑ මෙන්ම ඔවුනට හානි පමුණුවන දෑ පිළිබඳ ව අවධානය නොකරති. ඔවුනට ඇස් තිබුණ ද එමගින් ඔවුන් තුළ හා විශ්වය තුළ ඇති අල්ලාහ්ගේ සංඥාවන් දෙස බලා පාඩම් නොලබති. ඔවුනට කන් තිබුණ ද අල්ලාහ්ගේ වදන් වලට සවන් දී එහි ඇති දෑ පිළිබඳ පරිශීලනය නොකරති. මෙම ගුණාංග වලින් විස්තර කරනු ලැබූ මොවුන් බුද්ධි හීන, ගොවිපළ සතුන් මෙනි. නැත, ඔවුන් ගොවිපළ සතුන්ටත් වඩා අන්ත මුළාවෙහි පසුවෙති. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කිරීමෙන් අනවධානීන් ලෙස සිටියවුන් මොවුන්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න