සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:176
وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ۚ ذَٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
අපි අභිමත කළේ නම් එමගින් අපි ඔහු උසස් කරන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවේ සදා රැඳුණේය. ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. එබැවින් ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ ඌට පහර දෙන්නේ නම් ඌ දිව දිගු කරයි. නුඹ (පහර නොදී) ඌ අත හැර දමන්නේ නම් ද ඌ දිව දිගු කරයි. අපගේ වදන් බොරු කළ පිරිසට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
තෆ්සීර්
මෙම වදන් තුළින් ඔහුට සෙත සලසන්නට අපි අභිමත කළේ නම් ඒවා ක්රියාවට නැංවීම සඳහා අපි ඔහුට ආශිර්වාද කරමින් ඔහු උසස් කරන්නට තිබුණි. එවිට ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහිද උසස්කම් ලබනු ඇත. නමුත් මතු ලොවට වඩා මෙලොව ඔහුට බලපෑම් ඇති කර තිබෙන බැවින් මෙලොව ජීවිතයේ ආශාවන් වෙත නැඹුරු වන විට, ඔහුගේ අසාර්තකත්වය වෙත ගෙන යන දෑ ඔහු තෝරා ගත්තේය. ඔහුගේ සිත ආශා කළ ව්යාජ දෑ අනුගමනය කළේය. මෙලොව මත තිබූ ඔහුගේ කෑදර කමට උපමාව කිසිදු තත්ත්වයකදී තම දිව දිගු කිරීම අත් නොහරින සුනඛයකුට සමානය. ඌ ළං කර ගත්තද දිව දිගු කරයි. එළවා දමනු ලැබුව ද ඌ දිව දිගු කරයි. මෙසේ සඳහන් කරනු ලබන උපමාව අපගේ වදන් බොරු කරන නොමග ගිය පිරිසට සමානය. අහෝ දූතය! ඔවුන් සත්යය වටහා ගෙන, ඔවුන් බොරු කිරීමෙන් හා මුළා වීමෙන් මිදිය හැකි වේවි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත මෙම තොරතුරු පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න