සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:175

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ

අප අපගේ වදන් ඔහුට පිරිනැමූ අයකුගේ පුවත ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතුරින් විය.

තෆ්සීර්

අහෝ දූතය! ඉස්රාඊල් දරුවන් අතර සිටි මිනිසෙකු පිළිබඳ තොරතුරු ඔවුනට කියවා පෙන්වනු. අපගේ වදන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔහු එය හදාරා එහි පෙන්වා දී තිබුණු සත්යය වටහා ගත්තේය. නමුත් ඔහු ඒ අනුව කටයුතු කළේ නැත. ඔහු එය අතහැර දමා ඉන් මිදුණේය. එවිට ෂෙයිතාන් ඔහුට බැඳුණේය. ඔහුගේ සමීප මිතුරෙකු බවට ඔහු පත් විය. යහමග ලබා සාර්ථකත්වය උදා කර ගත්තවුන් අතරට ඔහු පත් වීමෙන් පසු, මුළා වී විනාශය උදා කරගත් අය අතරට පත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න