සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:173
أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ
නැතහොත් නියත වශයෙන්ම මීට පෙර සිට ආදේශ කළ අය වනුයේ අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අප ව විනාශ කරන්නෙහිද යැයි නුඹලා නොපවසනු පිණිසය.
තෆ්සීර්
සැබැවින්ම එම ගිවිසුම කඩමින් අල්ලාහ්ට ආදේශ කළේ නුඹලාගේ මුතුන්මිත්තන් යැයි නුඹලා හේතු සාධක නොපවසනු පිණිසත්ය. ඔවුන් කවර කරුණක් ආදේශ කරමින් සිටිනු ඔබ දුටුවේද, එම විෂයයෙහි නුඹලාත් නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරමින් හිඳ, ‘අල්ලාහ්ට ආදේශ තබමින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත් අපගේ මුතුන් මිත්තන් කළ වැරදි ක්රියාව හේතුවෙන් අප වැරදිකරුවන් කර අපට ඔබ දඬුවම් කරන්නෙහි ද? එහෙයින් අපගේ නොදැනුවත්කම හේතුවෙන් අපට කිසිදු පාපයක් හිමි නැත. අපි පිළිපැද්දේ අපගේ මුතුන්මිත්තන්' යැයි නුඹලා නොපවසනු පිණිසත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න