සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:172

وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا بَلَىٰ ۛ شَهِدْنَا ۛ أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَافِلِينَ

තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහි ව ඔවුන්ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නොවේ දැයි (ඔහු විමසුවේය.) එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන්ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය.

තෆ්සීර්

අහෝ මුහම්මද්! ආදම්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර බිහි කර, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බවත්, ඔවුන්ගේ පරමාධිපති බවත්, සහජයෙන්ම ඔවුන් තුළ තැන්පත් කර ඇති දැයින් ඔහුගේ පරමාධිපත්යය තහවුරු කිරීමට තීරණය කොට, ‘ඔබේ පරමාධිපති මා නොවේදැ?’යි ඔවුන්ගෙන් ඔහු විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. එවිට ඔවුහු සියල්ලෝම, ‘එසේය, අපගේ පරමාධපති ඔබය’ යැයි පිළිතුරු දුන්නෝය. ඔහු, ‘සැබැවින්ම අපි නුඹලා ව පරීක්ෂාවට ලක් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා වෙත ඉදිරිපත් කළ අල්ලාහ්ගේ සාධක නුඹලා පිටු නොදැක, ඒ පිළිබඳ නුඹලාට කිසිදු දැනුමක් නොතිබුණු බව නුඹලා නොපවසනුු පිණිස අපි නුඹලා වෙතින් ප්රතිඥාවක් ගත්තෙමු’ යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න