සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:171
۞ وَإِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُ ظُلَّةٌ وَظَنُّوا أَنَّهُ وَاقِعٌ بِهِمْ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
තවද ඔවුනට ඉහළින් කුඩයක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින්ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.
තෆ්සීර්
අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න