සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:170

وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُوا الصَّلَاةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ

තවද ඔවුහු වනාහි දේව ග්‍රන්ථය තදින් පිළිපදින්නන් වෙති. තවද ඔවුහු සලාතය විධිමත් ව ඉටු කළෝය. නියත වශයෙන්ම අපි දැහැමි කටයුතු කරන්නන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නෙමු.

තෆ්සීර්

අල් කුර්ආනය පිළිපැද, එහි ඇති දෑ ක්රියාවට නංවා සලාත්, නැමදුම් ඒවායෙහි වේලාවන් කොන්දේසි අනිවාර්ය අංගයන් හා නබි පිළිවෙත් සුරක්ෂිතව පිළිපදිමින් විධිමත් ව ඉටු කරන්නන් වනාහි, අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. දැහැමි ක්රියාවන් කරන කිසිවකුගේ ප්රතිඵල ඔහු නිෂ්ඵල කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න