සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:167

وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ يَسُومُهُمْ سُوءَ الْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ ۖ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.

තෆ්සීර්

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් යුදෙව්වන් මත ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් අපහාසයට ලක් කරන, ඔවුන් යටපත් කරන පිරිසක් ආධිපත්යය දරනු ඇතැයි කිසිදු සැකයකින් තොරව ඉතා පැහැදිලි ව අල්ලාහ් දැනුම් දුන් අවස්ථාව ද ඔවුනට මෙනෙහි කරනු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුට පිටුපාන්නන්හට දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එම දඬුවම ඔහු මෙලොවෙහිම ඔවුනට ඉක්මන් කර දෙයි. නමුත් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමාවෙහි නිරත ව, ඔහු වෙත හැරෙන්නේද ඔවුන්ගේ පාපකම් වලට සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න