සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:168
وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද අපි පොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතුරින් සදැහැමියන් ද වෙති. තවද ඔවුන් අතුරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් දෑ හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
තෆ්සීර්
මහපොළොවේ ඔවුන් එක් ව සිටියායින් පසු අපි ඔවුන් වෙන් කළෙමු. එහි ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදුවෙමු. ඔවුන් අතර අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන දැහැමියෝද වෙති. එමෙන්ම ඔවුන් අතර ආර්ථික පහසුකම් ඇත්තෝද වෙති. පාපකම් සිදු කරමින් තමන් විනාශ කර ගන්නෝද වෙති. ඔවුන් කවර තත්වයක සිටින්නේද ඉන් හැරීමේ යහපත් අපේක්ෂාවෙන් පහසුව හා දුෂ්කරතාව මගින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න