සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:166
فَلَمَّا عَتَوْا عَنْ مَا نُهُوا عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා නීච වඳුරන් මෙන් වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.
තෆ්සීර්
උඩඟුකමින් හා මුරණ්ඩුකමින් අල්ලාහ්ට පිටුපෑමෙහි ඔවුන් සීමාව ඉක්මවා ගොස් උපදෙස් නොලැබූ කල්හි අපි ඔවුනට: "අහෝ පාපිෂ්ඨයිනි! නුඹලා නීච වඳුරන් මෙන් වනු" යැයි පැවසුවෙමු. එවිට අපි සිතූ පරිදි ම ඔවුන් පත් වූහ. නියත වශයෙන්ම යමක් පිළිබඳ අපගේ ස්ථාවරය වනුයේ අපි ඒ ගැන සිතා එයට 'වනු' යැයි පැවසූ වහා ම එය සිදුවීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න