සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:163
وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُمْ بِمَا كَانُوا يَفْسُقُونَ
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුන් සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගිය අවස්ථාව සිහිපත් කරනු. සෙනසුරාදා දින ඔවුන්ගේ මතස්යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කළේ එලෙසය.
තෆ්සීර්
අහෝ දූතය! මුහුද අසබඩ පිහිටි ගම්මානයක ජීවත් වූ තම මුතුන්මිත්තන්ට අත් වූ අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ යුදෙව්වන්ට මෙනෙහි කරමින් ඒ ගැන ඔවුන් ගෙන් විමසා සිටිනු. ඔවුනට සෙනසුරාදා දින මාළු බෑම තහනම් කිරීමෙන් පසු ඔවුන් එදින මාළු බා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළෝය. සෙනසුරාදා දිනයේ මුහුද මතුපිටට මත්සයන් එන්නට සලස්වා අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේය. වෙනත් දිනයන්හි එහි උන් පැමිණියේ නැත. එසේ අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේ ඔවුන් පාපකම් සිදු කොට ඔහුට අවනත වීමෙන් ඔවුන් වූ හේතුවෙනි. නමුත් ඔවුන් වංචනික ව මසුන් ඇල්ලීම සඳහා වළ වල් හාරා දැල් එළන්නට කටයුතු කළෝය. සෙනසුරාදා දිනයෙහි මත්සයින් එහි හසු විය. ඉරිදා දින වූ විට ඒවා අල්ලා ගෙන ආහාරයට ගත්තෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න