සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:164

وَإِذْ قَالَتْ أُمَّةٌ مِنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතුරින් වූ සමූහයක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත හේතු සාධකයක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.

තෆ්සීර්

අහෝ දූතය! තවදුරටත් ඔබ මෙනෙහි කරනු. මෙම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔවුන් වැළැක් වූ පිරිසක් ද ඔවුන් අතර විය. ඔවුන් ඒ ගැන ඔවුනට අවවාද කළෝය. තවත් පිරිසක් ඔවුන් අමතා, 'තමන් සිදු කළ පාපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් මෙලොවෙහි විනාශ කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැ?'යි විමසා සිටියේය. එයට උපදෙස් දුන්නෝ, ‘එසේ අපි ඔවුන්ට උපදෙස් දෙනුයේ යහපත විධානය කරන මෙන් ද අයහපතින් වළක්වන මෙන් ද අල්ලාහ් අපට කළ නියෝගය අතහැර දැමීමෙන් ඔහු අප වරදකරුවන් ලෙස නොගෙන අපි ඔහුට නිදහසට කරුණු දැක්වීමට හැකි වනු පිණිසය. ඇතැම් විට එම උපදෙස ඔවුනට ප්රයෝජනවත් වී, ඔවුන් කවර පාපයක නිරත වී සිටින්නේද එයින් ඔවුන් මිදෙන්නට පුළුවන.' යැයි කීහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න