සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:162
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ
ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්රකාශයක් - වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
තෆ්සීර්
ඔවුනට පවසන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ඔවුන් වෙනස් කර" ‘හබ්බතුන් ෆී ෂඊරතින්’ යනුවෙන් ප්රකාශ කළෝය. එය, සමාව අයැදින මෙන් අණ කරනු ලැබූ ප්රකාශය වෙනුවට ඔවුන් පවසන ලද්දකි. එමෙන්ම ඔවුනට සිදු කරන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ද ඔවුන් වෙනස් කළෝය. තම හිස් පහත් කරමින් අල්ලාහ්ට යටහත් පහත් ව පිවිසීම වෙනුවට ඔවුන්ගේ පසුපස මත ගාමින් පිවිසුණෝය. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් අපි ඔවුන් මත අහසින් වූ දඬුවමක් එව්වෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න