සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:161
وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ
නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති දෑ එයින් නුඹලා අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් යැයි පවසනු. වාසල් දොරින් හිස පහත් කොට ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
තෆ්සීර්
අහෝ දූතය! ‘නුඹලා බයිතුල් මක්දිස් වෙත පිවිසෙනු. එහි කුමන ස්ථානයකින් වුව ද ඔබ කැමති වේලාවක එහි පලතුරුවලින් අනුභව කරනු’ යැයි ඉස්රාඊල් දරුවන් හට අල්ලාහ් පැවසූ විට ඔවුහු, ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ වැරදි අපෙන් කමා කරනු මැනව!’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපතිට යටහත් පහත් ව දණ නමමින් එම දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා සිදු කළේ නම් නුඹලාගේ පාපකම් අපි කමා කරන්නෙමු. දැහැමියන් හට මෙලොව හා මතු ලොව යහපත අපි අධික කර දෙන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න