සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:160

وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද අපි අපරාධ නොකළෙමු. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.

තෆ්සීර්

ඉස්රාඊල් දරුවන් ගෝත්ර දොළහකට අපි බෙදා වෙන් කළෙමු. තමන්හට ජලය පහළ කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන ලෙස මූසාගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ‘අහෝ මූසා! ඔබ ඔබේ සැරයටියෙන් එම ගලට ගසනු’ යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට මූසා එයට ගැසුවේය. එවිට ඔවුන්ගේ ගෝත්ර දොළොසේ ප්රමාණයට උල්පත් දොළොසක් එයින් මතු විය. ඔවුන්ගෙන් සෑම ගෝත්රයක්ම පැන් පානය කරන නියමිත ස්ථානය හඳුනා ගත්තෝය. ගෝත්රයක් තවත් ගෝත්රයක් සමග හවුල් නොවීය. ඔවුන් ගමන් කරන විට ඔවුන් සමගම ගමන් කරන, ඔවුන් නතර වන විට ඔවුන් සමගම නතර වන වලාකුළෙන් අපි ඔවුනට හෙවණ දුනිමු. අපගේ ආශිර්වාදයෙන් මී පැණි වැනි රසවත් පානය හා වටු කුරුල්ලන්ට සමාන වූ නැවුම් මස් සහිත කුඩා කුරුල්ලන් අපි ඔවුනට පහළ කළෙමු. පසු ව අපි, ‘නුඹලාට අපි පෝෂණය කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු’ යැයි පැවසුවෙමු. ඔවුන්ගෙන් සිදු වූ අපරාධ හා ආශිර්වාදයන්ට ඔවුන් ගුණමකු වීම, ඒවාට නිසි අයුරින් තක්සේරු නොකිරීම වැනි කරුණු හේතුවෙන් කිසිදු අඬුවක් ඔවුන් අපට සිදු නොකළෝය. නමුත් අල්ලාහ්ගේ නියෝග වලට විරුද්ධ ව කටයුතු කිරීමෙන් හා ඔහුගේ ආශිර්වාද පිටුදැකීමෙන් ඔවුනට පැමිණෙන දඬුවම ඔවුන් වෙත ගෙන්වා ගත් අවස්ථාවේ ඔවුනට හිමි කොටස් ඔවුන් අඩු කර ගනිමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න