සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:158
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
අහෝ ජනයිනි ! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. "අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අතර සිටින අරාබි හා අරාබි නොවන සියලු දෙනා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. අහස් හි ආධිපත්යය ඔහුට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යයත් ඔහුටම සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු මියගියවුන් ජීවත් කරවයි. ජීවත්වන්නන් මරණයට පත් කරයි. එහෙයින් ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් වූ, ලිවීමට හෝ කියවීමට නොදත් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව ද විශ්වාස කරනු. සැබැවින්ම ඔහු පැමිණියේ ඔහුගේ පරමාධිපති ඔහුට දන්වා සිටි දිව්යමය පණිවිඩ සමගය. ඔහු අල්ලාහ් ව විශ්වාස කරයි. ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ හා ඔහුට පෙර සිටි නබිවරුන්හට පහළ කරනු ලැබූ දෑ කිසිදු වෙන් කිරීමකින් තොරව විශ්වාස කරයි. ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත පැමිණි දෑ ඔවුහු පිළිපදිති. එය එහි ඇති මෙලොව හා මතුලොව නුඹලාගේ යහපත නුඹලා වෙනුවෙන් අපේක්ෂා කරමිනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න