සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:157

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ ۚ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ ۙ أُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන යහපත් දෑ ඔවුනට අනුමත කරන අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට ඔහුට ගරු කොට ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රහකයෝ.

තෆ්සීර්

ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව අනුගමනය කරති. ඔහු කියවීමට හෝ ලිවීමට නොහැකි උම්මි නබිවරයෙකි. ඔහු වෙත දිව්යමය පණිවිඩ පහළ කරනුයේ ඔහුගේ පරමාධිපතිය. ඔහුගේ නාමය, ඔහුගේ ගුණාංග හා ඔහුගේ දූතත්ත්වය මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයේ හා ඊසා (අල්යිහිස් සලාම්) තුමා වෙත පහළ කරනු ලැබූ ඉන්ජීලයේ ඔවුහු හඳුනා ගනිති. යහපත් හා දැහැමි යැයි හඳුනාගත් දෑ ඔහු ඔවුනට නියෝග කරයි. මනා බුද්ධියට හා සහජ ධර්මතාවයට පිළිකුල් යැයි හඳුනාගත් දැයින් ඔහු ඔවුන් වළක්වයි. ආහාර පාන විවාහය වැනි කටයුතු වලදී ඔවුනට හානියක් ඇති නොවන දෑ භුක්ති විඳීමට ඔහු ඔවුනට අනුමත කරයි. ඒවායින් ඇතිවන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුන්ට තහනම් කරයි. ඔවුන් උසුලමින් සිටි දුෂ්කර නියමයන් ඔවුන්ගෙන් පහ කරයි. උදාහරණ වශයෙන් ඝාතකයකු උවමනාවෙන් වුවද වැරදීමකින් වුවද ඝාතනය සිදු කර ඇත්නම් එම ඝාතකයා ව මරණ දඬුවමට ලක් කිරීම අනිවාර්යය කිරීම. ඉස්රාඊල් දරුවන් හා වෙනත් ජන සමූහයන් අතරින් ඔහු ගැන විශ්වාස කොට, ඔහුට ගරුබුහුමන් කොට, ඔහු ව අගය කොට, ඔහුට සතුරුකම් පාන්නන්ට එරෙහි ව ඔහුට උදව් කොට, මග පෙන්වන ආලෝකයක් මෙන් වූ ඔහු වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුහුමය සාර්තකත්වය ලැබූවෝ වන්නෝ. ඔවුන් පතන දෑ ඔවුන් හිමි කර ගනිති. ඔවුන් බියෙන් පසුවන දැයින් ඔවුන් දුරස් කරනු ලබති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න