සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:156
۞ وَاكْتُبْ لَنَا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ إِنَّا هُدْنَا إِلَيْكَ ۚ قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاءُ ۖ وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَاةَ وَالَّذِينَ هُمْ بِآيَاتِنَا يُؤْمِنُونَ
තවද මෙලොවෙහි හා මතු ලොවෙහි අපහට යහපත නියම කරනු මැනව ! නියත වශයෙන්ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම, මා අභිමත කරන අය එමගින් මම හසු කරමි. තවද මාගේ දයාව සියලු දෑහි ව්යාප්ත ව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන zසකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
තෆ්සීර්
මෙලොව ජීවිතයේ සුව සැප පිරිනමා, ඔබ ගෞරවයට පත් කළ දැහැමි ක්රියාවන් සිදු කිරීමට ආශිර්වාද කළ අය අතරට අප ද පත් කරනු මැනව! එමෙන්ම මතු ලොවෙහි ඔබේ දැහැමි ගැත්තන් අතරින් ඔබ ස්වර්ගය සූදානම් කර ඇති අය අතරට ද අප ද පත් කරනු මැනව! අපි ඔබ වෙත පශ්චාත්තාප වී යොමු වන්නෙමු. අපගේ අඩුපාඩුකම් පිළිගනිමින් ඔබ වෙත හැරෙන්නෙමු. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "අභාග්ය සඳහා තුඩු දෙන කාරණා සිදු කරන්නන් අතරින්, මා අභිමත කළ අයට මාගේ දඬුවම් ලැබෙන්නට සලස්වමි. නමුත් මාගේ කරුණාව මෙලොවෙහි ඇති සියලු දෑ ආවරණය කොට ඇත. අල්ලාහ්ගේ කරුණාව නොලැබුණු කිසිදු මැවීමක් නොමැත. ඔහුගේ ආශිර්වාදය හා උපකාරය අධික ව පිරිනමා ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කරන්නන්හටත්, තම ධනයෙන් එයට නියම වූ සකාතය පිරිනමන්නන්හටත්, අපගේ වදන් විශ්වාස කරන්නන්හටත් මතු ලොවෙහි මාගේ දයාව සටහන් කර තබමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න