සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:154

وَلَمَّا سَكَتَ عَنْ مُوسَى الْغَضَبُ أَخَذَ الْأَلْوَاحَ ۖ وَفِي نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ

මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පුවරු ඔහු ගත්තේය. කවරෙකු තම පරමාධිපතිට බියවන්නේ ද ඔවුනට ඒවායෙහි පිටපත්හි යහමඟ ද දයාව ද විය.

තෆ්සීර්

මූසා (අලය්හිස් සලාම්) තුමාගෙන් කෝපය නිවුනු කල්හි, කෝපය හේතුවෙන් එතුමා විසි කළ ඵලක සන්සුන් ව අරගත්තේය. මෙම ඵලක වල අයහමගින් යහමග ද සත්ය පැහැදිලි කිරීම් ද ඇතුළත් වන අතර තම පරාමාධිපතිට බිය වන ඔහුගේ දඬුවමට බියවන අයහට කරුණාව ද ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න