සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:153

وَالَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ ثُمَّ تَابُوا مِنْ بَعْدِهَا وَآمَنُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ

තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසු ව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

තෆ්සීර්

අල්ලාහ්ට ආදේශ තබා පාපකම් සිදු කොට නපුරු ක්රියාවන්හි නිරතවූවන් වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට ඔහු වෙත පාප ක්ෂමාව අයැද ඔවුන් කරමින් සිටි පාපයෙන් ඔවුන් වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුන් ආදේශ තැබීමෙන් ඉවත් ව දේව විශ්වාසය වෙතත්, පාපකම් අතහැර අවනතභාවය වෙතත් යොමු වීමෙන් පසු සැබැවින්ම ඔබේ පරමාධිපති ඒවා වසන් කොට නොසලකා හැර ඔවුන්හට අතිශයින් සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි අතිශයින් කරුණාව දක්වන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න