සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:152
إِنَّ الَّذِينَ اتَّخَذُوا الْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِنْ رَبِّهِمْ وَذِلَّةٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُفْتَرِينَ
නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද කල්පනය කර ගොතන්නන්හට අපි ප්රතිඵල පිරිනමනුයේ එලෙසය.
තෆ්සීර්
සැබැවින්ම වසු පැටවා දෙවියෙකු ලෙස ගෙන ගොස් ඌට නැමදුම් කරන්නන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිගේ දැඩි කෝපයත්, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට දක්වන කෝපය හා අවමානය හේතුවෙන් මෙලොව ජීවිතයේ දී අවමානයත් ඔවුන්හට අත්වනු ඇත. අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්හට ද මෙවැනිම ප්රතිවිපාකයක් අපි පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න