සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:149

وَلَمَّا سُقِطَ فِي أَيْدِيهِمْ وَرَأَوْا أَنَّهُمْ قَدْ ضَلُّوا قَالُوا لَئِنْ لَمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

ඔවුන්ගේ අත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින්ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නොකළේ නම් තවද අපහට ඔහු සමාව නොදුන්නේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතුරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔවුන් අල්ලාහ් සමග වසු පැටවා නැමදුමට ගැනීම හේතුවෙන් ඔවුන් ඍජු මාර්ගයෙන් නොමග ගොස් ඇති බව වටහා ගෙන, ඒ ගැන කම්පා වී පසුතැවිලි වූ කල්හි, ඔවුන් අල්ලාහ් වෙත බැගෑපත් ව, "අපගේ පරමාධිපති ඔහුට අවනත වීම සඳහා අපට ආශිර්වාද කරමින් ඔහු අපට කරුණා නොකළේ නම්, හා වසු පැටවා නැමදුමට ගැනීම සඳහා අපි ඉදිරිපත් කළ පාපය සඳහා ඔහු අපට සමාව නොදුන්නේ නම්, සැබැවින්ම අපි තමන්ගේ මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතය විනාශ කර ගත්තවුන් අතරට අප ද පත්වන්නෙමු" යැයි ප්රාර්ථනා කර සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න