සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:148
وَاتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنْ بَعْدِهِ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا أَنَّهُ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ اتَّخَذُوهُ وَكَانُوا ظَالِمِينَ
මූසාගේ ජනයා ඔහුගෙන් පසු ව ඔවුන්ගේ ආභරණ තුළින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නමදින්නට) ගත්තේය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමඟ කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මඟ නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (දෙවියන් ලෙස) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
තෆ්සීර්
මූසා (අලය්හිස් සලාම්) තුමා, තම පරමාධිපති සමග කතා කිරීම සඳහා හමුවන්නට ගිය පසු ව ඔහුගේ ජනයා ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුට සමාන යමක් තනා ගත්තෝය. එයට කිසිදු ජීවයක් නොවූවද හඬක් නිකුත් විය. සැබැවින්ම මෙම වසු පැටවා ඔවුන් සමග කතා නොකරන බවත් භෞතික හා ආධ්යාත්මික වශයෙන් ශ්රෙෂ්ඨ මාර්ගයක් වෙත ඔවුනට මග නොපෙන්වන බවත්, කිසිදු සෙතක් ඔවුනට සලසන්නේ නැති බවත් කිසිදු හානියක් ඔවුන්ගෙන් ඉවත් නොකරන බවත් ඔවුන් වටහා නොගත්තෝද? නමුත් ඔවුහු එය නැමදුමට තෝරා ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත්තවුන් බවට පත් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න